fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිංහරාජය බලන්න යමින් සිටි රුසියානු යුවළගේ කාරය ප්‍රපාතයකට පෙරළෙයි

    සිංහරාජය බලන්න යමින් සිටි රුසියානු යුවළගේ කාරය ප්‍රපාතයකට පෙරළෙයි

    සිංහරාජ වනාන්තරය නැරඹිමට රුසියානු යුවලක් ගමන්ගත් මෝටර් රථයක් ඊයේ සවස අඩි 120ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන්කරමින් සිටි රුසියානු කත තුවාල ලබා දෙනියාය රෝහලට ඇතුලත්කර ඇත.

    අවුරුදු 24ක් වයසැති අනස්ටානියා නැමැති ඇය බරපතල තත්ත්වයේ නොවන බව දෙනියාය රෝහල් තොරතුරු අනාවරණය කළේය.

    මෝටර් රථය පදවා ඇත්තේ ද මෙම ගමනට ඇය සමඟ සම්බන්ධව සිටි ඩිම්ටිට්‍රියා නැමැති 36 හැවිරිදි රුසියානු ජාතිකයෙකි. මෙම අනතුරින් ඔහුට හානියක් නැති බව මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන දෙනියාය පොලීසිය කියයි.

    දෙනියාය විහාරහේන සිංහරාජ මාර්ගයේ එනසල්වත්ත ෆැට්නා කොටසේ දළු මඩුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේය. මෙම රුසියානු යුවල ගමන්කර ඇත්තේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකිනි. එම රථයට මෙම අනතුරින් දැඩි ලෙස හානි සිදුව ඇත.

    ඔබේ අදහස් දක්වන්න.