මහනුවර සිට දඹුල්ල බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයක ගමන්කරමින් සිටි මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින තුර්කි තරුණියකට ලිංගික අතවරයක් කල මගියෙකුව බස් රථයේ සිටි සෙසු මගින් විසින් අල්ලා දඹුල්ල පොලීසියට භාරදී ඇත.
මෙම කාන්තාව අවුරුදු 33ක් වයසැති තැනැත්තියකි. ඇයට මෙම අතවරය සිදුව ඇත්තේ ඊයෙ(11)ය.
ඇය විසින් මේ ගැන දඹුල්ල පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදා කෝප්‍රල්වරයෙක් බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත. මෙම සැකකරු මාතලේ මෙල්පිටියේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු 39 හැවිරිදි අයෙක් බව පොලීසිය කියයි.