fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රද්දොළුගම නිවසකින් මත්පෙති සමඟ කොකේන්

    රද්දොළුගම නිවසකින් මත්පෙති සමඟ කොකේන්

    රද්දොළුගම නිවාස සංකීර්ණයේ නිවසක් වැටලූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නිවෙස් හිමියාව කෝකේන් සහ මත්පෙති තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 37ක් වන මෙම සැකකරු සතුව තිබී සොයාගත් මත්පෙති ප්‍රමාණය 2250ක් බවත් කොකේන් ප්‍රමාණය ග්‍රෑම් 25යි මිලි ග්‍රෑම් 400ක් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    මෙම නිවසේ මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ. සැකකරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ලබන 15 වෙනිදා දක්වා රදවාගෙන විමර්ශන පැවැත්වීමට රැදවුම් නියෝගයක් ලබාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.

    ඔබේ අදහස් දක්වන්න.