fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හමුදා සෙබළෙක් වෙඩි තබාගනියි

    හමුදා සෙබළෙක් වෙඩි තබාගනියි

    තිරුමුරුකණ්ඩි යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටි සෙබලෙක් ටී 56 අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත.

    මහව උල්ලලපොළ පදිංචිව සිටි ඉදුනිල් ඒකනායක නැමැති 24 හැවිරිදි සෙබලා මෙසේ සියදිවි හානිකරගෙන තිබේ.

    කඳවුර තුළදී මෙම සෙබලා වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ ඊයේ (06) පෙරවරුවේ ඔහුට නිකුත්කර තිබුණු රාජකාරි ගිනි අවියෙන් බව මාන්කුලම පොලීසිය සඳහන් කළේය.

    මෙම සෙබලා මෙසේ සියදිවි හානිකර ගැනීමට නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැත.

    ඔබේ අදහස් දක්වන්න.