පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ රඳවා සිටි සිරකරුවෙකු ඊයේ සවස පළාගොස් ඇත.
මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීමේ වරදකට රදවා සිටි හරින්ද්‍ර කුමාර හෙට්ටිආරච්චි නැමැති 26 හැවිරිදි සිරකරු මෙසේ පළාගොස් තිබේ.
මෙම සිරකරු මහනුවර ජෝජ් ඊත ද සිල්වා මාවතේ පදිංචිකරුවෙක් බව පල්ලෙකැලේ පොලීසිය කියයි.