fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලී අනුපාත තවත් අඩුකරයි

    පොලී අනුපාත තවත් අඩුකරයි

    මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 11% සහ 12% දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.

    ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 ජූලි 05 වැනි දින පැවති රැස්වීමේදී පදනම් ලකුණු 200කින් (bps) එම පොලී අනුපාත අඩුකිරීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයට අනුවයි.

    උද්ධමනය ස්ථාවර කිරීමේ අරමුණ ඇතිව වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ සියුම් විශ්ලේෂණයකින් පසුව මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත.

    මහබැංකුව නව තීන්දු තීරණ ඔස්‍සේ මූල්‍ය වෙලඳපොලවල පීඩනය ලිහිල් කරන අතරම, මධ්‍ය කාලීනව මධ්‍ය-තනි ඉලක්කම් මට්ටම් දක්වා ගෙනඒමට අපේක්ෂා කරයි.

    මෙම ප්‍රතිපත්ති පොලී අනුපාත 200 bps කින් අඩු කිරීම සහ 2023 ජූනි මස මුලදී ප්‍රතිපත්ති පොලී අනුපාත 250 bps කින් අඩු කිරීමත් සමඟ, මෑතකදී දක්නට ලැබුණු රජයේ සුරැකුම්පත්වල අවදානම් වාරික සැලකිය යුතු ලෙස අඩුවීමත් සමඟ, වෙළඳපල පොලී අනුපාත, විශේෂයෙන් ණය පොලී අනුපාත ප්‍රමාණවත් ලෙස සහ වේගයෙන් පහත දමනු ඇති බව මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි.

    එබැවින්, මහ බැංකුව විසින් මෙම සැලකිය යුතු මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමේ ප්‍රතිලාභ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ලබා දෙන ලෙස බැංකු සහ මූල්‍ය අංශයෙන් ඉල්ලා සිටින සිටී.

    එමඟින් ඉදිරි කාල සීමාව තුළ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීමට සහාය වන ව ද මහබැංකුව පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.