fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු පොලිස්පති පූජිත් අද උසාවියට ආ හේතුව..

    හිටපු පොලිස්පති පූජිත් අද උසාවියට ආ හේතුව..

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ තිබේ.

    ඒ කොළඹ මහාධිකරණය ගත් තීරණයක් බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයට පෙනී සිටීම සඳහා ‍ය.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට මීට පෙර කොළඹ මහාධිකරණය තීරණය කර තිබුණි.

    අදාළ පෙත්සම් අද (04) ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.

    ඉහත චෝදනාව සම්බන්ධයෙන් නඩු පවරනු ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මෑතකදී නියෝග කර තිබුණි.

    එම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් එම අභියාචනය ඉදිරිපත් කර ඇත.

    ඔබේ අදහස් දක්වන්න.