fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සියලු අනුමැතීන් දුන්නා -දේශීය ණය ගැන ගැසට්ටුව එයි

    සියලු අනුමැතීන් දුන්නා -දේශීය ණය ගැන ගැසට්ටුව එයි

    දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    2023 ජුනි මස 28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්, රාජ්‍ය ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා ජනරජයේ දේශීය රාජ්‍ය ණය ප්‍රශස්තකරණය සිදුවිය යුතු බවට සම්මත කරන ලද බව එහි දැක්වේ.

    ඒ තුළින් රාජ්‍ය ණය තිරසරභාවය සහතික කිරීම සමඟින් ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීම හරහා, ශ්‍රී ලංකාවේ ජනතාවට සහ අනාගත පරම්පරාවන්ට ප්‍රතිලාභ ගෙන දෙන තිරසාර ආර්ථික වර්ධනයක් සුරක්ෂිත කිරීම වෙනුවෙන්, දේශීය රාජ්‍ය ණය ප්‍රශස්තකරණය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සියලු අනුමැතිය ලබාදෙන ලද බවට මෙම ගැසට් නිවේදනය මගින් සහතික කර ඇත.

    ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ද එහි ඇතුළත් වේ.

    එම ගැසට් නිවේදනය පහතින්.

    2339-02_S

    ඔබේ අදහස් දක්වන්න.