තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගජමුතුවක් අලෙවි කිරීමට ගිය දෙදෙනෙක් කොටුවේ

    ගජමුතුවක් අලෙවි කිරීමට ගිය දෙදෙනෙක් කොටුවේ

    මිල කළ නොහැකි වටිනාකමක් ඇති ගජමුතුවක් රුපියල් ලක්ෂ 22කට අලෙවි කිරීමට සූදානම් වූ දෙදෙනෙකුව දිවුලපිටිව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    දිවුලපිටිය උල්ලලපොළ ප්‍රදේශයේ කල වැටලීමකදී විකිණීමට සූදානම් වූ මෙම ගජමුතුව සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙම සැකකරුවන් දෙදෙනා නවගත්තේගම හා රාගම පදිංචි අවුරුදු 22 හා 47 යන වයස්වල පසුවන්නන්ය.

    මෙම සැකකරුවන් දෙදෙනා අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img