මදුරන්කුලියේ සිට නොරොච්චෝලේ විනෝද චාරිකායක් පැමිණි පිරිසක් ආලංකුඩාව මුහුදු තිරයේ දිය නාමින් විනෝද වෙමින් සිටියදී දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ සවස් කාලයේදී බව නොරොච්චෝලේ පොලීසිය සඳහන් කළේය.
අවුරුදු 21ක තරුණයෙක් සහ වයස අවුරුදු 66ක අයෙක් මෙසේ මියගොස් ඇත.
මෙම විනෝද චාරිකාවට සම්බන්ධව සිට ඇත්තේ එකම පවුලේ ඥාතීන් පිරිසකි.