තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වතුර මෝටර් සොරා ගමෙන්ම ගුටි කා මරුට

    වතුර මෝටර් සොරා ගමෙන්ම ගුටි කා මරුට

    සූරියවැව වැවේගම ප්‍රදේශයේ නිවසක වතුර මෝටරයක් සොරාගැනීමට පැමිණි සැකකරුවෙකුවගම්වැසියන් විසින් ඊයේ රාත්‍රී කාලයේදී අල්ලා පහරදී පොලීසියට භාරදීමෙන් පසු මියගොස් ඇත.

    ඔහු මියගොස් ඇත්තේ සූරියවැව පොලීසියේ නිලධාරීන් කැදවා ඔහුව පොලිස් නිලධාරීන්ට භාරදීමෙන් පසුවය.

    පොලීසිය සඳහන්කරනු ලබන්නේ සැකකරුව සූරියවැව රෝහලට ඇතුලත්කල බවත් වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට මාරුකර යවා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී බවය.

    මෙම පුද්ගලයා සූරියගම වැවේගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. 27 හැවිරිදි ඔහු සමඟ සොරකම්වලට සම්බන්ධ තවත් දෙදෙනෙකුවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සූරියවැව හා ඒ ආශ්‍රිතව පසුගිය කාලයේ දිගින් දිගටම සොරකම් සිදුවීම හේතුවෙන් ගම්වැසියන් ඒ ගැන අවධානයෙන් සිට ඇති බවත් වතුර මෝටරය සොරා ගැනීමට ආ සොරාව අල්ලා ගැනීමට හැකිවී ඇත්තේ එබැවින් බවත් පොලීසිය කියයි.

    අල්ලාගත් සැකකරුට පහරදී මිය යාම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බවත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද විමර්ශන පැවැත්වෙන බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img