පාදුක්ක මීපේ පිහිටි (SLTC) විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් පෙරාදෙණිය විශ්වවිද්‍යාලය නරඹා ඊයේ හන්තානය කඳුතරණය කිරීමටගොස් සිටියදි බඹර ප්‍රහාරයකට ලක්ව ඇත.
මෙහිසී බඹරුන්ගේ පහරකෑමට ලක්වූ සිසුවියන් 15 දෙනෙක් සහ සිසුන් 27 දෙනෙක් මහනුවර මහා රෝහලට ඇතුලත්කර තිබේ.
සිසු සිසුවියන් 276 දෙනෙකුගේ කණ්ඩායමක් මෙම සංචාරය සඳහා සහභාගිවී ඇති බව මහනුවර පොලීසිය කියයි.
මෙම පිරිස බඹර ප්‍රහාාරයකට ලක්ව සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමෙන් අනතුරුව 1990 ගිලන් රථ යොදා ඔවුන්ව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගත් බව මහනුවර පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.