වාලච්චේන ආමේර්කුඩා කලපුවේ මසුන් ඇල්ලීමට ගිය ධිවරයෙක් කලපුවේ ඉස්සන් කොටුවට ඇද තිබුණු අනවසර විදුලි රැහැනක ගැටී විදුලි වැදී මියගොස් ඇත.
වාලච්චේන, කහවත්තමුණ, පනිච්චි අඩි පාරේ පදිංචි එම්. අන්සාර් (54) නැමැති ධීවර කාර්මිකයා මෙසේ මියගොස් තිබේ.
මෙම ධිවර කාර්මිකයා පසුගිය 26 වෙනිදා සවස ධිවර කටයුතු සඳහා කලපුවට ගිය බවත් ඔහු නැවත නොපැමිණි බවත් සඳහන්කරමින් එම ධිවරයාගේ බිරිඳ පෙරේදා (27) උදෑසන පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක්ද ඉදිරිපත්කර ඇත.
එම පැමිණිල්ලට අනුව කළ සොයා බැලීමේදී ඔහුගේ සිරුර කලපුවේ තිබී හමුවී තිබේ. විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඉස්සන් කොටුවට ඇද තිබුණු අනවසර විදුලි රැහැනක ගැටී ඔහු මියගොස් ඇති බවය.
Photo – File photo