fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට වටෙන් හොරකම් කළ සත්තු මරණ දෙහිවල ඝාතකාගාරයක් වටලයි

    රට වටෙන් හොරකම් කළ සත්තු මරණ දෙහිවල ඝාතකාගාරයක් වටලයි

    දෙහිවල කරගම්පිටියේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී සත්ත්ව ඝාතකාගාරයක් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විර්ශන කාර්යංශය විසින් වටලා සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම ඝාතකාගාරය තුළ මරන්නට සූදානම්කර සිටි ගවයින් 40 දෙනෙක් සහ එළුවන් 124 දෙනෙකු බේරාගැනීමටද පොලීසිය සමත්ව ඇත. මෙම ගවයින් සහ එළුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොරාගෙන මෙහි රැගෙනවිත් ඇති බවට සැකකරේ.

    ගල්කිස්ස කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාට ලද තොරතුරකට අනුව කළ මෙම වැටලීමේදී රුපියල් 124,000ක් වටිනා එළු මස් කිලෝ 40ක්ද, ගව මස් කිලෝ 06ක්ද මෙම ස්ථානයේ තිබී හමුවී තිබේ.

    එළුවන් සහ ගවයින් මෙම ස්ථානයට රැගෙන විත් තිබුණු ලොරි රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවටගත් සැකකරුවන් දෙහිවල සහ රත්මලානේ පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 19,24,31,30 හා 50 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.