තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංගීත සංදර්ශනවලට තීබූ කාල සීමාව ලිහිල් කරයි

    සංගීත සංදර්ශනවලට තීබූ කාල සීමාව ලිහිල් කරයි

    සංගීත සංදර්ශන පැවැත්වීමට සීමා කර තිබූ කාලසීමාව දීර්ඝ කර තිබේ.

    ඒ අනුව සංගීත සංදර්ශන රාත්‍රී 10ට අවසන් කළ යුතු බවට වන සීමාව වෙනස් කර ඇත.

    මේ යටතේ සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් සංගීත සංදර්ශන පැවැත්විය හැකිය.

    සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර ඇත.

    කෙසේවෙතත් ආගමික ස්ථාන සහ රෝහල් වැනි ස්ථානවල සිට සාධාරණ දුරක් තබා ගනිමින් සංගීත සංදර්ශන පැවැත්විය යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

    ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ නියෝගයකට අනුව මෙම පියවර ගැනෙන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img