fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට යහපත් අතට ඇවිත් නිසා ඡන්දෙට මුදල් ඉල්ලන්න සූදානමක්

    රට යහපත් අතට ඇවිත් නිසා ඡන්දෙට මුදල් ඉල්ලන්න සූදානමක්

    මෙම වසර සඳහා ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ කර තිබේ.

    මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, ලියාපදිංචිය අවසන් වන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.

    ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබාදී තිබූ කාලය පසුගිය 16 වැනිදායින් අවසන් විය.

    කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය නිසි පරිදි සිදුව නැති බවට වාර්තා වී ඇති බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

    මේ අතර රටේ ආර්ථීක තත්ත්වය යහපත් තත්ත්වයට පත්ව ඇති බවට වාර්තා පළවන බැවින් මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් යළිත් මුදල් ඉල්ලා සිටීමට කටයුතු කරන බව ද නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසා ඇත.

    ඔබේ අදහස් දක්වන්න.