හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබේ.
ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සමක් අධිකරණය විසින් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම කර ඇත.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා, තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනු කර තිබුණි.