කොට්ටාව නගරයට ආසන්නයේ පිහිටි වෛද්‍ය රසායනාගාරයක් තුළදී එහි සේවයේ නිරත 30 හැවිරිදි පුද්ගලයෙකුය යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් අද උදෑසන වෙඩි තබා පළාගොස් ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
පිස්තෝලයක් මෙම වෙඩි තැබීමට යොදාගෙන ඇති බව පොලීසිය කියයි.