fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අඹන්පොල විද්‍යාලයේ සංවර්ධන නිලධාරිනිය ගිනි අවි සමඟ අත්අඩංගුවට

    අඹන්පොල විද්‍යාලයේ සංවර්ධන නිලධාරිනිය ගිනි අවි සමඟ අත්අඩංගුවට

    සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා මෙරට නිෂ්පාදිත ගිනි අවි 08ක් සමඟ අඹන්පොල මහා විද්‍යාලයේ සේවයේ නිරත සංවර්ධන නිලධාරිනියක් නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත.

    නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අඹන්පොළ රණෝරුව ප්‍රදේශයේ ඇය පදිංචිව සිටින නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවි 08 හමුවී ඇත්තේ නිවසේ ඇදක් යට සඟවා තිබියදීය.

    මෙම කාන්තාව සහ සැමියා එක්ව දඩමස් අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීමකර ඇත.

    ඔබේ අදහස් දක්වන්න.