fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඇමතිවරු - තානාපතිවරු නිදහස් චතුරස්‍ර‍යේ ජගත් යෝගා දින සැමරූ හැටි (📸)

    ඇමතිවරු – තානාපතිවරු නිදහස් චතුරස්‍ර‍යේ ජගත් යෝගා දින සැමරූ හැටි (📸)

    ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ඊයේ (ජුනි 17) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක් පැවැත්විණ.

    කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (SVCC) විසින් විවිධ යෝගා ආයතන සමඟ සහයෝගීතාවයෙන් මෙම යෝගා වැඩසටහහන සංවිධානය කර තිබුණි.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු විශේෂ ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    ප්‍රවාහන හා මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය A. අරවින්ද් කුමාර්, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් යන අමාත්‍යවරුන් ඊට සහභාගි වුහ.

    මීට අමතරව, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය, සිසුන්, පොලිස් නිලධාරීන්, ඉන්දීය ප්‍රජාවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකාවේ යෝගා ලෝලීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ඔබේ අදහස් දක්වන්න.