fbpx
තවත්
    මුල් පිටුවspecialනෝර්ඩ් ස්ට්‍රීම් නල මාර්ගයට පහර දීමේ යුක්‍රේන සැලැස්ම ගැන ඇමරිකාව දැනන්...

    නෝර්ඩ් ස්ට්‍රීම් නල මාර්ගයට පහර දීමේ යුක්‍රේන සැලැස්ම ගැන ඇමරිකාව දැනන් ඉඳලා

    රුසියාවේ සිට ජර්මනියට ස්භාවික ගෑස් සැපයීමට ඉදි කර තිබූ නෝර්ඩ් ස්ට්‍රීම් නල පද්ධතියට පහරදීමට යුක්‍රේනය ක්‍රියාත්මක කළ සැලසුමක් පිළිබඳ එම නල පද්ධතිය පුපුරා හැරීමට මාස තුනකට පෙර ඇමරිකා එක්සත් ජනපදය දැණුවත්ව සිටි බව වොෂින්ටන් පොස්ට් පුවත්පත අනාවරණය කළේය.

    ඉකුත් සැප්තැම්බර් මාසයේදී රුසියාව විසින් ජර්මිනියට සහ බටහිර යුරෝපයට අවශ්‍ය ගෑස් සැපයීමට බෝලටික් මුහුද යටින් ඉදි කර තිබූ නලපද්ධතිය පුපුරා ගියේය. එම පිපිරීමත් සමඟ බටහිරි යුරෝපයට සහ විශේෂයෙන්ම ජර්මනියට දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දීමටට සිදුවිය.

    ඒ අනුව අන්තර්ජලාය ඔස්සේ පළවූ රහසිගත තොරුතුර පදනම් කරගනිමින් යුක්‍රේනයේ මෙම සැලසුම සම්බන්ධයෙන් වොෂින්ටන් පොස්ට් පුවත්පත මේ බව අනාවරණය කළේය.

    එම පුවත්පත අනාවරණය කළ පරිදි යුක්රේන විශේෂ මෙහෙයුම් බලකායේ හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාල නල පද්ධතිය පුපුරුවා හැරීමට අදහස් කරන බව යුරෝපීය ඔත්තු ඒජන්සියක් හරහා ඇමරිකාවේ සී.අයි.ඒ සංවිධානය පසුගිය ජුනි මාසයේදී දැනගත් බව පුවත්පත වාර්තා කළේය.

    මෙම බුද්ධි වාර්තාව පදනම් වී ඇත්තේ යුක්රේනයේ පුද්ගලයෙකු විසින් සපයන ලද තොරතුරු මත වන බවත් සීඅයිඒ සංවිධානය එය ඉකුත් වසරේ ජුනි මාසයේදී ජර්මනිය සහ අනෙකුත් යුරෝපීය රටවල් සමඟ බෙදා ගත් බවද අදාල පුවත් වාර්තාව සඳහන් කළේය.

    ඩිස්කෝඩ් නැමති අන්තර්ජාලය ඔස්සේ පණිවුඩ හුවමාරු කළ හැකි අන්තජාල් වේදිකාවේ පළ කරන ලද බුද්ධි වාර්තාව සත්‍ය බවට යුරෝපීය බුද්ධි රටවල් කිහිපයක බුද්ධි අංශ නිලධාරීන් විසින් සී.අයි.ඒ සංවිධානය වෙත තහවුරු කර ඇති බවද වොෂින්ටන් පෝස්ට් අනාවරණය කළේය.

    පුවත්පත වර්තා කරන අන්දමට යුක්‍රේනයේ දක්ෂ කිමිදුම් කරුවන් කණ්ඩායමක් විසින් නල පද්ධති පුපුරවා හැරීම කිරීමට සැලසුම් කර ඇති බවට අනාවරණය වී තිබේ. එහිදී ඔවුන් ව්‍යාජ ගමන් බලපත්‍ර යොදාගෙන ජර්මනියට පැමිණ එහිදී මුහුදු යාත්‍රාවක් කුලියට ගෙන නලපද්ධතිය පවතින මුහුදු පතුලට කිමිදී එහ පුපුරවා හැරීමට සැලසුම්කර ඇති බවට අදාල බුද්ධි වාර්තාවේ සඳහන්ව තිබිණි.

    මේ අතර ජර්මානු විමර්ශකයින් දැන් විශ්වාස කරන්නේ ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතා කරන පුද්ගලයින් හය දෙනෙකු සැප්තැම්බර් මාසයේදී යාත්‍රාවක් කුලියට ගෙන ජර්මනියෙන් පිටතත්ව ගොස් නල මාර්ගයට පුපුරා හැරීම සිදුකර ඇති බවයි.
    ඒ අනුව විමර්ශකයින් විශ්වාස කරන්නේ අදාල කිමිදුම්කරුවන් හීලියම් යොදා ගැනීම කර ඇත්තේ ජලය යටදී මානසික අවධානය පවත්වා ගැනීමට උපකාරී වන නිසාවෙන් බවයි.

    එමෙන්ම විමර්ශකයින් විසින් නල මාර්ගයේ තිබී සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අවශේෂ ඇන්ඩ්‍රොමීඩා නැමති යාත්‍රාවේ මැදිරියේ තිබී සොයාගත් අවශේෂ වලට ගැලපෙන බවට සනාථ වී ඇති බවද පවුත්පත සඳහන් කරයි.

    පුපුරුවා හැරීම කළ කණ්ඩායම පෝලන්තයේ සමාගමක් හරහා බෝට්ටුව කුලියට ගෙන ඇති බවත් අවම වශයෙන් යුක්රේන හමුදාවේ සේවය කරන එක් පුද්ගලයෙකුවත් මෙම කඩාකප්පල්කාරී මෙහෙයුමට සම්බන්ධ වී ඇති බවටද විමර්ශකයින් සැක කරන බවද එම පුවත්පත පෙන්වා දෙයි.

    2022 පෙබරවාරි මාසයේදී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම, යුරෝපයේ රුසියානු ස්වභාවික වායුව මත යැපීම දේශපාලන අවධානයට ලක් විය. එහිදී නොඩ් ස්ට්‍රීම් නල මාර්ග විනාශ කිරීම යුරෝපා කලාපය අනෙකුත් බලශක්ති සැපයුම්කරුවන් වෙත මාරු කිරීම වේගවත් කළේය.

    ප්‍රභවයන් සහ මෙහෙයුම් වලට ඇති අවදානම් සඳහන් කරමින් රජයේ නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි යුරෝපීය ඔත්තුසේවා ඒජන්සියේ නම මෙන්ම සැක සහිත සැලැස්මේ ඇතැම් අංග පළකිරීමෙන් වැලකීම එකඟ වූ බවද වොෂින්ඩන් පෝස්ට් සිය වාර්තාවේ සඳහන් කර තිබිණ.

    මේ අතර අදාල වාර්තා සම්බන්ධයෙන් ධවල මන්දිරය සහ සී.අයි.ඒ සංවිධානය වොෂින්ටන් පෝස්ට් වෙත අදහස් දැකීම ප්‍රතික්ෂේප කළ බවද එම පුවත්පත සඳහන් කරයි.

    මෙම නල පද්ධතිය පුපුරා හැරීම රුසියාව විසින්ම කළ කටයුත්ත්ක් බවටද බටහිර රාජ්‍යන් සඳහන් කළ අතර එහිදී ඔවුන් විධිමත් පරීක්ෂණයක් කරන බවට සඳහන් කළද ඒ පිළිබඳ කරුණු සඳහන් කිරීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබිණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.