fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීසියට පාට් දමා සැඟවී සිටි මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

    පොලීසියට පාට් දමා සැඟවී සිටි මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

    මරදන්කේනි තාලයඩි රෝමානු කතෝලික විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාග සම්බන්ධිකරණ මධ්‍යස්ථානය අසල දී කලහාකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ග්‍රහනයට ගෙන කලහාකාරී ලෙස හැසිරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ගජෝන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා කොල්ලුපිටියේ දී උතුරෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවටගත්තේය.

    කොල්ලුපිටියේ පිහිටි ඔහුට අයත් නිවසක් වටලා පොලීසිය ඔහුව අත්අඩංගුවටගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක්ද කිලිනොච්චිය අධිකරණය හරහා ලබාගැනීමට පොලීසිය ඊයේ පියවරගත්තේය. ඒ ඔහු රටින් පළායනු ඇති බවට වූ සැකයක් මතය.

    මෙයට අමතරව පෙරේදා ද මෙම සිදුවීමට අදාලව ආලියවලෙයි හී කොඩුකුලායි වීදියේ පදිංචිකාරියක් වන ජගදිස්වරන් සත්ගුණාදේවි නොහොත් මීනා (42) සහ මුල්ලෙයාවලි හී පදිංචිකරුවෙක් වන සෙල්වරාසා උදය (42) යන දෙදෙනාවද පොලීසිය අත්අඩංගුවට ගත්තේය.

    ඔවුන් දෙදෙනාව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

    ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ ආධාරකරුවන් බව පොලීසිය කියයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවද පොලීසිය කියයි.

    විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ආසන්නයේදී මන්ත්‍රීවරයා ඇතුළු 30ක පමණ පිරිසක් පසුගිය 02 දා රැස්වී මෙම කලබලය ඇතිකරගත් බව පොලීසිය කියයි. අය සැකකටයුතු සාකච්ඡාවක මෙම පිරිස එදින නිරතව සිටි බව පෙනී යන්නට වූ බැවින් විභාග සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි සැරයන්වරයෙකු මේ බව මරදන්කේනි පොලිස් ස්ථානයට දැනුම් දී ඇත.

    එම දැනුම්දීමට අනුව එම ස්ථානයේ සිදුවන්නේ කුමක්දැයි පරීක්ෂාකර බැලීමට එහි පැමිණ ඇත්තේ පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංහයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකි. මෙම නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට ගොස් තොරතුරු සොයා බලමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුලු පිරිස කලහාකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන් දෙදෙනා ඔවුන්ගේ ග්‍රහනයට ගෙන ඇති බව පොලීසිය කියයි. එම අවස්ථාවේදී උපක්‍රමශීලීව එක් කොස්තාපල්වරයෙකු ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී පොලිස් ස්ථානයට පැමිණ ස්ථානාධිපතිවරයාව දැනුවත්කර ඇත. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් අනෙත් කොස්තාපල්වරයාත් බේරාගෙන තිබේ.

    මෙහිදී මන්ත්‍රීවරයා පොලිස් ස්ථානාධිපතිවරයාටද පරුෂ වචනයෙන් බැන තරුජනය කර ඇති බවත් කලහාකාරී ලෙස හැසිරී ඇති බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.