fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වීඩියෝවක් පෙන්වා මිහින්තලේ නායක හිමිගෙන් ලක්ෂ 100ක කප්පමක් ඉල්ලලා

    වීඩියෝවක් පෙන්වා මිහින්තලේ නායක හිමිගෙන් ලක්ෂ 100ක කප්පමක් ඉල්ලලා

    මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන්ගේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධකරන බව පවසමින් උන්වහන්සේගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පමක් ලෙස ඉල්ලා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් මිහින්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

    මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මේ ගැන මිහින්තලේ පොලීසියට පැමිණිල්ලක්ද කර ඇත.

    එම පැමිණිල්ලට අනුව උන්වහන්සේට තර්ජනය කරමින් කප්පම ඉල්ලීමට මුල්වුණු වීඩියෝ පටය මේ වන විට කාන්තාවකගේ නමින් ඇති ෆේස්බුක් ගිණුමක් මගින් ප්‍රසිද්ධ කර ඇති බව පොලීසිය කියයි.

    උන්වහන්සේ පොලීසියට පවසා ඇත්තේ පසුගිය 01 වෙනිදා වට්ස්ඇප් ඇමතුමක් ඔස්සේ තමාට කථාකල නාදුනන පුද්ගලයෙක් විසින් තමන් වහන්සේගේ වීඩියෝ පටයක් ඇති බව පවසා එය ප්‍රසිද්ධ නොකර සිටීමට කෝටියක කප්පමක් ඉල්ලා සිටි බවය.

    ඊට පසුදින එම වීඩියෝව අනුරාධපුරයේ හෝටල් හිමිකරුවෙකුගේ ෆේස්බුක් ගිණුමක ප්‍රසිද්ධකර තිබුණු බවත් එම ව්‍යාපාරිකයා පැය කිහිපයක් ඇතුලත එය ඉවත්කරගෙන තිබුණු බවත් උන්වහන්සේ පොලීසියට පවසා ඇත.

    එහෙත් දැන් එම වීඩියෝව පියුමි දුලීකා නමින් පවත්වාගෙන යන මුහුණු පොතේ ගිණුමක මේ වන විට ප්‍රසිද්ධකර ඇති බවද උන්වහන්සේ පවසා ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.