රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රීට් පෙත්සමේ තීන්දුව ලබන ජුලි 25 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද(06) තීරණය කළේය.
සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් මහතා මෙම රිට් පෙත්සම ගොනුකර තිබේ.
සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේ මෙම තීරණය ප්‍රකාශ විය. මෙයට පෙර රිට් පෙත්සමේ තීන්දුව අද(06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.