fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට උසාවියෙන් තහනමක්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට උසාවියෙන් තහනමක්

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

    ඒ පසුගිය 02 වැනිදා පස්වරුවේ වඩමාරච්චි පොදු ක්‍රීඩාපිටියේ තරුණ තරුණියන් සමඟ සිටියදී ඇති වූ සිද්ධියක් මුල්කොටගෙන ය.

    යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙක් බුද්ධි අංශ නිලධාරීන් ලෙස පවසමින් එම අවස්ථාවට එක්ව තිබූ අතර ඒ සමග මන්ත්‍රීවරයාගේ පාර්ශ්වය සහ ඔවුන් අතර අදාළ උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබිණ.

    අනතුරුව අසල විභාග මධ්‍යස්ථානයකට අනුයුක්තව සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ද ඊට මැදිහත් වී ඇත.

    එහිදී පොලිස් නිලධාරීන් සමග මන්ත්‍රීවරයා ඇතිකරගත් මත ගැටුම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වාර්තාවක් ද පසුගියදා කැඳවා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.