fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොකු ගානට ඇඟ විකුණන නිරූපිකාවෝ බැංකු සේවිකාවෝ ව්‍යාපාරික බිරින්දෑලා පිරිසක් දැලේ

    ලොකු ගානට ඇඟ විකුණන නිරූපිකාවෝ බැංකු සේවිකාවෝ ව්‍යාපාරික බිරින්දෑලා පිරිසක් දැලේ

    විදේශිකයන්ට සහ මෙරට කෝටිපති ව්‍යාපාරිකයන්ට තරුණ කාන්තාවන් විශාල මුදල්වලට අලෙවි කරන ජාවාරමක් ගැන තොරතුරු හෙළිකරගත් වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සංවිධානාත්මකව කල වැටලීමකදී තරුණ කාන්තාවන් සිව් දෙනෙක් සහ ජාවාරම මෙහෙයවන පුද්ගලයින් තිදෙනෙක් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.

    අගරුවාතොටදී මෝටර් රථ දෙකකින් පැමිණි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

    තරුණ කාන්තාවන් අතර නිරූපිකාවක්, පුද්ගලික බැංකුවක සේවය කරන බැංකු සේවිකාවක් සහ ව්‍යාපාරිකයන්ගේ බිරින්දෑවරු දෙදෙනෙක් සිටින බව වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බලකායේ තොරතුරු සහන් කළේය.

    මෙම එක් කාන්තාවක් අලෙවි වන්නේ පැය දෙක තුනක කාලයක් සඳහා රුපියල් 55,000කට බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

    මෙම සැකකාරියන් සහ සැකකරුවන් හොරණ අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.