fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්දින 05ක් තිස්සේ අතුරුදන්ව සිටි ගම්පොල තරුණ ිය මරා වලදමා ඇති බව...

    දින 05ක් තිස්සේ අතුරුදන්ව සිටි ගම්පොල තරුණ ිය මරා වලදමා ඇති බව හෙළිවේ

    පසුගිය 07 වෙනිදා සිට අතුරුදන් වී සිටි ගෙලිඔය පිහිටි ඔසුහලක සේවයකල 22 හැවිරිද තරුණිය ඝාතනයකර වලදමා ඇති බව හෙළිවී ඇත.

    ගම්පොල ඇල්පිටිය ප්‍රදේශ පදිංචිව සිටි ෆාතිමා මුනවුරා නැමැති තරුණිය මෙසේ ඝාතනය වී තිබේ.

    ඇය අතුරුදන් වූ දින සිටම ඇයව සොයා පොලීසියත් ගම්වැසියනුත් දින කිහිපයක් පුරා මෙහෙයුමත් දියත්තර තිබුණි.

    ඇය අතුරුදන්වී ඇත්තේ මෙදින ඇය රැකියා ස්ථානය සඳහා නිවසින් පිටත්ව යමින් සිටියදීය.

    ඇයව සොයා ගම්වැසියන් සමඟ ගම්පොල පොලීසිය දැඩි වෙහෙසක නිරතව සිටින අතර තුර ජාත්‍යන්තර දුරකථන ඇමතුමක් මගින් පොලිස් නිලධාරියෙකුට තොරතුරක් ලැබී ඇත්තේ තරුණියගේ අතුරුදන්වීමට සැකකරන පුද්ගලයෙකු ගැන කියාය. ඒ අනුව පොලීසිය 24 හැවිරිදි තරුණයෙකුව සිය භාරයට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ඇයව මරා වල දැමූ බවය.

    ඇයගේ සිරුරට ආශාකර ඇති එම තරුණයා දිනක් ඇගේ අතින් අල්ලා ඇති බවත් ඇයගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොවූ තැන පැහැරගෙන ගොස් ගෙල මිරිකා ඝාතනයකර පසුව ඇයව වලදමා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. ඇගේ සිරුර වලදමා ඇති ස්ථානයත් ඔහු පෙන්වා ඇති අතර මළ සිරුර ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට පොලීසිය සිදුකර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.