fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටෙන් බාගයකගේම ගෙවල්වල අවුල් ආර්ථික ප්‍රශ්න නිසයි

    රටෙන් බාගයකගේම ගෙවල්වල අවුල් ආර්ථික ප්‍රශ්න නිසයි

    ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකටත් වඩා එනම් 52%ක් තරම් ප්‍රමාණයකගේ නිවෙස්වල යහපැවැත්මට ප්‍රධාන තර්ජනය වී ඇත්තේ ආර්ථික සාධක බව හඳුනාගෙන ඇතැයි අලුත්ම සමීක්ෂණ වාර්තාවක සඳහන් වේ.

    නිවසේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට මෙරට ජනගහනයෙන් 22.7%කට නොහැකි වී ඇති අතර, තවත් 17%ක ප්‍රමාණයකට බලපා ඇත්තේ ඉහළ ජීවන වියදම සහ ඒ ආශ්‍රිත ගැටළු බවද එම වාර්තාවේ සඳහන් වේ.

    මෙරට ජනගහනයෙන් 13%ක තරම් ප්‍රමාණයක ජනතාවක් විරැකියාවෙන් පෙළෙන බව ද එම සමීක්ෂණයේ දී අනාවරණය වී ඇත.

    යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජර්මානු තාක්ෂණික සහයෝගිතා ආයතනය, ශ්‍රී ලංකා බැරෝමීටරය සහ ශ්‍රී ලංකා රජය රජයේ ඒකාබද්ධ සහයෝගයෙන් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

    ශ්‍රී ලංකාවේ 2022 අර්බුදය සහ සමාජ ඒකාබද්ධතාවය මැයෙන් සිදු කර ඇති එම සමීක්ෂණයේ වාර්තාව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද(08) පෙරවරුවේ එළිදැක්විණ.

    මෙරට රැකියා අවස්ථා නොමැතිකම 2020 වසරේදී 16%ක්ව තිබූ අතර එය මේ වනවිට ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

    ශ්‍රී ලාංකිකයන් 2021 වසරේ දී දරිද්‍රතාවයෙන් ඉහළම මට්ටමකට පත්ව තිබූ බව ද ඔවුන්ට එම වසරේදී බොහෝ විට මූලික අවශ්‍යතා නොමැතිව පවා ජීවත් වීමට සිදු වූ බව ද සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.