තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන් මගීන් 4 දෙනෙකුට ශ්‍රීලන්කන් වෙතින් සුවිශේෂී අවුරුදු තෑග්ගක්

    ගුවන් මගීන් 4 දෙනෙකුට ශ්‍රීලන්කන් වෙතින් සුවිශේෂී අවුරුදු තෑග්ගක්

    ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය පාරිභෝගිකයන්ට සුවිශේෂී අලුත් අවුරුදු තෑග්ගක් පිරිනැමීමට කටයුතු කළේ ය.

    ඒ අනුව අහඹු ලෙස තෝරාගත් ගුවන් මගීන් සිව් දෙනෙකුට අමතර ගාස්තුවකින් තොරව ව්‍යාපාරික පන්තියේ (Business Class) ගමන් කිරීමට අවස්ථාව උදා විය.

    කල්තබා නිවේදනය නොකළ මෙම දිනුම් ඇදීම, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විද්‍යුත්-වාණිජ සේවා කණ්ඩායම විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සිදුකරන ලදී.

    වාසනාවන්ත ජයග්‍රාහකයන් සිව් දෙනාට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ සුඛෝපභෝගී බව සහ කාර්ය මණ්ඩලයේ සුපුරුදු සුහද සත්කාරයට අමතරව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සෙරන්ඩිබ් ව්‍යාපාරික පන්ති මගී විවේකාගාරයේ (Serendib Business Class Lounge) සියලු පහසුකම්ද අත්විඳීමට අවස්ථාව උදා විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to bengaliCancel reply

    spot_img
    spot_img