fbpx
තවත්
    මුල් පිටුවspecialපුටින්ගේ නිල නිවසට යුක්‍රේනයෙන් ඩ්‍රෝන් ප්‍රහාරයක්!

    පුටින්ගේ නිල නිවසට යුක්‍රේනයෙන් ඩ්‍රෝන් ප්‍රහාරයක්!

    යුක්‍රේනය විසින් ඩ්‍රෝන යානා යොදාගනිමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ව ඝාතනය කිරීමට උත්සහ කළ බවට රුසියානු රජය චෝදනා කරයි.

    රුසියාවේ මධ්‍යම මොස්කව්හි ක්‍රෙම්ලිනයේ පිහිටි ජනාධිපති පුටින්ගේ නිවස ඉලක්ක කර ඩ්‍රෝන යානා ප්‍රහාරයක් දියත් කළ බව රුසියාන රජය සඳහනක් කරයි.

    ඒ අනුව රුසියානු ආරක්ෂක අංශ විසින් මෙලෙස ප්‍රහර එල්ල කිරීමට පැමිණි ඩ්‍රෝන යානා දෙකක් බිම හෙලිමට සමත් වූ බව රුසියානු ජනාධිපති කාර්යාලය පවසයි. එහිදී ජනාධිපති පුටින්ගේ ප්‍රකාශකයා කියා සිටියේ රුසියානු නායකයා එම අවස්ථාවේ එම සංකීර්ණයේ නොසිටි බවයි.

    මේ අතර සමාජ මාධ්‍යවල සංසරණය වූ සංස්කරණය නොකළ දර්ශන වල කුඩා පිපිරීමකට පෙර ක්‍රෙම්ලිනයට ඉහළින් පියාසර කරන වස්තුවක් පෙන්නුම් කළේය.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් යුක්රේනය ප්‍රකාශ කළේ තම රජය කිසිඳු ආකාරයකින් එවැනි ඩ්‍රෝන් ප්‍රහාරයට සම්බන්ධ නොමැති බව යි.

    එහිදී යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ගේ ප්‍රකාශකයා පැවසුවේ පසුගිය වසරේ රුසියාව තම රට ආක්‍රමණය කිරීමෙන් පසු යුක්රේනය තමන්ගේම භූමිය මුදා ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති බවයි.
    සමාජ මාධ්‍යවල සංසරණය වූ එක් වීඩියෝවක දැක්වූයේ බලකොටු සංකීර්ණයට ඉහළින් දුමාරයක් නැඟී ඇති බව සහ තවත් වීඩියෝවක දැක්වූයේ ක්‍රෙම්ලින් සෙනෙට් ගොඩනැගිල්ලට ඉහළින් කුඩා පිපිරීමක් දිස් වූ ආකාරයත්ය.

    නිවේදනයක් නිකුත් කරමින් රුසියානු ජනාධිපති කාර්යාලය මෙසේ පැවසීය: “ඊයේ රාත්‍රියේ, කියෙව් පාලන තන්ත්‍රය මිනිසුන් රහිත ගුවන් වාහන සමඟ රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපතිගේ ක්‍රෙම්ලින් නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළේය.”

    එය “සැලසුම් සහගත ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහයක්” ලෙස සලකන බවත්, රුසියාවට “අවශ්‍ය යැයි හැඟෙන ඕනෑම තැනක සහ ඕනෑම අවස්ථාවක පළිගැනීමේ පියවර ගැනීමේ අයිතිය රඳවා තබා ගන්නා” බවත් එහි සඳහන් විය.

    ඩ්‍රෝන යානාවල කොටස් ක්‍රෙම්ලිනයට අසල වැටී තිබුනද ඉන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති අතර ගොඩනැගිලිවලට කිසිදු හානියක් සිදුවී නොමැති බවද ජනාධිපති කාර්යාලය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.