fbpx
තවත්
    මුල් පිටුවspecialචාල්ස්, සීයාගේ පුටුවම ඉල්ලයි

    චාල්ස්, සීයාගේ පුටුවම ඉල්ලයි

    බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද රාජසනයක් යොදා ගැනීමට තීරණය කර ඇත.

    ඒ අනුව තුන් වන චාල්ස් රජු විසින් සිය සීයා වූ හයවන ජෝජ් රජු විසින් සිය රාජාභිෂේකයට යොදාගත් රාජාසනයම භාවිතා කිරීමට තීරණය කර ඇති බවට බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කරයි. මෙම තීරණය වඩා තිරසාර ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමේ උත්සහයක් බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දී තිබේ.‍

    හයවන ජෝජ් රජු වර්ෂ 1937දී රාජාභිෂේකයට පත්වූ අතර එහිදී භාවිතා කළ මෙම රාජාසනය නව රෙදිවලින් ආවරණය කිරීමට පියවරගෙන තිබුනද එහි මුල් එම්බ්‍රොයිඩර් කර ඇති ආවරණ සහ ඉදිරිපස සහ පිටුපස කොටස් එලෙසම තැබීමට පියවරගෙන ඇත.

    මෙහිදී රජ බිසවන කැමිලා හටද 1937 දී හිටපු එළිසබෙත් රැජනගේ මව 1937දී රාජාභිෂේකයේදී භාවිතා කළ ආසනයට සමාන ආසනයක් ලබාදීමට පියවරගෙන තිබේ.

    කෙසේවෙතත් එළිසබෙත් රැජිනගේ මව යොදාගත් රාජකීය පවුලේ සංකේතය වෙනුවට නව අනුවාදයක් එම්බ්‍රොයිඩර් කිරීමට පියවරගෙන ඇති බව බ්‍රිතානය රජමාලිගයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

    රාජාභිෂේකය සඳහා නැවති භාවිතා කල හැකි සෑම දෙයක්ම යොදා ගැනීමට රජුට අවශ්‍ය වූ බව රජමාලිගයේ ඉහළ නිධාරිනියක වන කැරොලයින් ඩි ගයිටෝට් ප්‍රකාශ කර තිබේ.

    “රාජාසනයට තරමක් වෙනස් මුහුණුවරකින් නව ජීවිතයක් ලබා දී තිබෙනවා, නමුත් ඒ සමඟම ඒවා ඓතිහාසික වස්තූන් බවට ගරු කරමින් අනාගතය සඳහා ඒවා සංරක්ෂණය කරයි,” ඇය ප්‍රකාශ කර ඇත.

    ඒ අනුව මැයි 6 වැනිදා තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය පැවැත්වීමට සියලුම කටයුතු යොදා තිබේ. ඊට අවශ්‍ය සියලුම කටයුතු මේවන විට අවසන් කර ඇති බවත් ආරාධියින්ට ආරාධනා පත්‍ර පවා යෙමුකර අවසන් බවටද වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.