fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මූලික වැඩේ අවසන්. දැන් බලය ටයි-ටයි. අවසන් කාර්ය තීරණාත්මකයි" -අනුර

    “මූලික වැඩේ අවසන්. දැන් බලය ටයි-ටයි. අවසන් කාර්ය තීරණාත්මකයි” -අනුර

    මේ වනවිට මූලික කාර්යය අවසන්ව ඇති බවත් අවසන් කාර්ය තීරණාත්මක බවත් දැන් බලය සමතුලිත වී ඇති බවත් ජනතාව විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ආණ්ඩුවේ පක්ෂවල බලය ඇත්තේ පාර්ලිමේන්තුව ඇතුළෙ වුවද මහජනතාවගේ බලය ඇත්තේ ජවිපෙට බව හෙතෙම කියාසිටියේ අද පස්වරුවේ පැවති මැයි දින රැළිය අමතමිනි.

    ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි රැළිය, එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලදී අද පැවැත්විණ.

    “රනිල් වික්‍රමසිංහ, මේ රටේ ජනතාව එළිමහන් කඳවුරකට ගාල් කරන්න අපි ඒකට ඉඩදෙන්නේ නැ. මේ දේශපාලකයන් උතුරත් රවටනවා දකුණත් රවට්ටනවා… මේ මැයි රැලිය පවත්වන්න අපි ඉල්ලුවේ ගෝල්ෆේස් පිටිය. අපි නිල වශයෙන් ලිඛිතව ඉල්ලුවා මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව මැයි රැළියට කැඳවන්න ගෝල්ෆේස් පිටිය දෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ කැබිනට් එකේ තීන්දුවක් ගත්තා ගෝල්ෆේස් පිටිය ආගමික වැඩසටහන් සඳහා විතරයි. අපි සුපුරුදු පරිදි බී ආර් සී පිටිය ට අද කට්ටිය පෙළගස්වන කොට දැක්කා බී ආර් සී පිටිය වගේ දෙතුන් ගුණයක් හිටිය පාරේ.. මෙය අපි ඉවසිලිවන්තව සැලසුම් සහගතව පියවරෙන් පියවර මෙහෙයවලා තිබෙනවා. අද සියලු දේශපාලන පක්ෂ පහලට හෙළනවා. මහජනයාගේ කළකිරීමට පත්වුණ මහජනයාගෙන් ප්‍රතික්ෂේප වුණු දේශපාලන ව්‍යාපාර බවට පත්වෙනකොට මහජනයාගේ පොදු ජනතාවගේ බලාපොරොත්තුව අනාගතය විශ්වාසය බවට මේ ව්‍යාපාරය අපි ගොඩ නගා තිබෙනවා. මේක දුෂ්කර කාලයක්. ඒ දුෂ්කර කාලයේ අපි අත්නොහැර අපිට වචනෙකින් අපිට ලියලා අපිට උදවු කරල අපි වෙනුවෙන් කතා කරල කරලා අපිට උපකාර කරලා වෙහෙස මහන්සි වෙච්ච විශාල ජනතාවක් ඉන්නවා. ඒ සියලු දෙනාට අපි ස්තුති කරනවා ඔබ නොවෙන්නට මේ ව්‍යාපාරය අද මෙතන නෑ. හැබැයි මේක තමයි අපේ මූලික කාර්යය. මූලික කාර්යය අවසන්. අවසන් කාර්ය තීරණාත්මකයි. දැන් බලය සමතුලිතයි. කොහෙද ඒගොල්ලන්ගෙ පාර්ලිමේන්තුව ඇතුළෙ බලය, අපි මහජනතාව ගාව බලය. රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාව අස්සෙ අටවා ගත්තා බලය අපිට මහජනතාවගේ බලය. බලය තුලිත වෙලා තියෙන්නේ. ටයි ටයි. රනිල් වික්‍රමසිංහ සුගතදාස පිටිය භාගයක් වහලා එයා නිර්පාක්ෂිකයිලු. හැබැයි සූම් එකෙන් අමතනවා.

    බැලූ බැල්මට තරාදිය සමතුලිත යි. හැබැයි මේක සහතික වශයෙන්ම බරවෙන්නේ ජනතාවගේ පැත්තට. ඒ සීරුමාරුව අතිශයින්ම අතිශයින් ම තීරණාත්මකයි. ඉතාමත් තීරණාත්මක දේශපාලන සන්ධිස්ථානයකට අපි ඇවිත් තියෙනවා. සතුරා කලබල වෙලා තියනවා. ඕගොල්ලො බැලුවොත් පාර්ලිමේන්තුවේ දකුණු අත පැත්තෙත් ආණ්ඩුව, වම් අත පැත්තෙත් ආණ්ඩුව. පිටිපස්සෙත් ආණ්ඩුව ඉස්සරහත් ආණ්ඩුව…පාර්ලිමේන්තුවේ ඒ ගොල්ල ගොඩායි අප ටිකයි. මහජනතාව ළඟ ඒගොල්ලො ටිකයි අපි ජන ගංගාවක්. අද මේ රටේ ජනතාවගේ වගකීම මේ ව්‍යාපාරය අතට ඇවිත් තියෙනවා. මෙතෙක් අපි කරන ලද හැම දේශපාලනයකටම වඩා තීරණාත්මක දේශපාලනය, තීරණාත්මක සටන මේකයි.” යැයි ද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියාසිටියේ ය.

    ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි රැළියේ වීඩියෝව පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.