fbpx
තවත්
    මුල් පිටුවspecialරුසියාවට හිසරදයක් වන යුරෝපයේ අලුත්ම ගුවන් බලඇණිය

    රුසියාවට හිසරදයක් වන යුරෝපයේ අලුත්ම ගුවන් බලඇණිය

    නෝර්ඩික් රටවල් හතරක් වන ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය සහ ඩෙන්මාර්කයේ ගුවන් හමුදා ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා 250 ක් පමණ ඒකාබද්ධ කර එක් ගුවන් බල ඇණියක් ලෙස ක්‍රියා කිරීමට එකඟතාව පළකරමින් ගිවිසුමක් අත්සන් කර ඇත.

    යුක්‍රෙන් යුද්ධයත් සමඟ රුසියාවෙන් එල්ලවිය හැකි බවට උපකල්පනය කරන තර්ජනයන්ට මුහුණ දීමට මෙම ඒකාබද්ධ ගුමන් බල ඇණිය ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බවද අදාල රටවල ගුවන් හමුදා ප්‍රධානීන් පැවසූහ.

    “අවසාන ඉලක්කය වන්නේ දැනටමත් දන්නා නේටෝ ක්‍රමවේදය මත පදනම් වූ ඒකාබද්ධ ගුවන් මෙහෙයුම් සඳහා නෝර්ඩික් සංකල්පයක් සංවර්ධනය කිරීමෙන් එක් බලවේගයක් ලෙස බාධාවකින් තොරව එකට ක්‍රියා කිරීමට හැකි වීමයි” යනුවෙන් ඩෙන්මාර්කයේ ගුවන් හමුදාව බ්ලූම්බර්ග් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

    “අපගේ ඒකාබද්ධ බලඇණිය විශාල යුරෝපීය රටකට සැසඳිය හැකිය,” ඩෙන්මාර්ක ගුවන් හමුදාවේ අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් ජෑන් ඩෑම් රොයිටර් පුවත් සේවයට පැවසීය.

    ඉහළ පෙළේ ප්‍රහාරක ජෙට් යානා සැලකිය යුතු සංඛ්‍යාවක් සමන්විත මෙම නව ගුවන් බල ඇණිය රුසියාවට යම් ආකාරයක හිසරදයක් විමට ඉඩ පවතින බව ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

    නෝර්වේ, ඩෙන්මාර්කය සහ ෆින්ලන්තය යන රටවල් සියල්ලම ඇමරිකා එක්සත් ජනපදය භාවිතා කරන නවීනතම සහ පස්වන යුගයේ ප්‍රහාරක ගුවන් යානා වන F-35 වලින් සන්ද්ධය. ඒ අනුව සතුරු රේඩාර් පද්ධති මඟ හරිමින් ඉල්ක්ක කරා පහර දීමට මෙම ජෙට් යානා වලට හැකියාව පවතී.

    මේ අතර හතරවන යුගයට අයත් ඉතා සාර්ථිකව භූමියයේ ඉලක්ක වලට පහරදීමටත් සතුරු ගුවන් යානාවලට පහරදීමටත් හැකියාව පවතින ස්වීඩනය සතු Gripen E ගුවන් යානාද මෙම නව බල ඇණිය සතුවේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.