fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන මාසේ ඉන්ධන මිලට 'දැනෙන සහනයක්' - දෙසැම්බරයේ විදුලි බිලටත්

    ලබන මාසේ ඉන්ධන මිලට ‘දැනෙන සහනයක්’ – දෙසැම්බරයේ විදුලි බිලටත්

    මිල සූත්‍රයට අනුව ලබන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේදී ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේදී අද කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ලබන දෙසැම්බරයේ විදුලි බිලට ද එම සහනය ලබාදීමට හැකිවනු ඇති බවයි.

    “අපිට පේනවා බොරතෙල් මිල අඩු වෙනවා, රුපියල ශක්තිමත් වෙනවා පේනවා, අතිගරු ජනාධිපතිතුමාත් අපිට උපදෙස් දීලා තියෙන ආකාරයටම අපි අප්‍රේල් මාසයේ ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනයේදී අපි ජනතාවට කියනවා ජනතාවට දැනෙන සහනයක් ඉන්ධනවලින් අපි ලබා දෙන්න කටයුතු කරනවා කියලා.” යැයිද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීය.

    “ඒ සහනය ලබා දෙද්දී අනෙක් පැත්තෙන් අපි විදුලි බිලටත් තීරණයක් ලැබෙනවා. දැන් විදුලි බිල සම්බන්ධ තීරණයක් ගන්න ඕන ජුලි මාසෙත් දෙසැම්බර් මාසෙත්. අපි ජනවාරි මාසයෙහි විදුලිබිල සංශෝධනය කරලා තිබුණා නම් අපිට ජුලි මාසයේ සංශෝධනය ඇතුළෙත් ඒ සහනය ලබාදීම සඳහා වැඩි ප්‍රවණතාවක් තිබුණා. මං දන්නෑ කොහොම වෙයිද ජුලි මාසයේ කියන එක. නමුත් අපිට පේනවා අනිවාර්යයෙන්ම දෙසැම්බර් මාසයේ බිල සංශෝධනය වෙනකොට ඒ සහනය විදුලි බිලටත් ලබාදීම සඳහා අපිට පුළුවන්කම ලැබෙනවා කියන එක.” යැයි ද අමාත්‍යවරයා විදුලි බිල පිළිබඳ අදහස් දක්වමින් දක්වමින් පාර්ලිමේන්තුවේදී කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.