තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'අකමැත්තෙන් වුණත් ගත්ත තීන්දුයි ජනතාවගේ ඉවසීමයි නිසා IMF ණය ලැබුණා'

    ‘අකමැත්තෙන් වුණත් ගත්ත තීන්දුයි ජනතාවගේ ඉවසීමයි නිසා IMF ණය ලැබුණා’

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට තුළ සිදු කරන ලද, ප්‍රියමනාප නොවන නමුත් අත්‍යවශ්‍ය වූ ප්‍රතිසංස්කරණයන් මෙන්ම, රටේ ජනතාවගේ ඉවසීම හා විශ්වාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වූ පසුබිම සකස් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    “මාස 08ක සමස්ත ක්‍රියාවලියක අවසානයේ දී, ජනාධිපතිතුමාගේත්, මුදල් අමාත්‍යාංශයේත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම අනෙකුත් ආයතන වල අප්‍රතිහත ධෛර්යය හා කැපවීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ ද අපේ රටේ ණය හිමියන්ගේත් අනෙකුත් රටවල් වලත් සහයෝගය සමඟ අපි අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල සඳහා පිවිසීමට අවස්ථාව ලබා ගත්තා. මෙම අනුමැතිය රටට මේ වෙලාවේ අත්‍යවශ්‍යම වී තිබුණ කරුණක් දැන් තමයි අපි සියළු දෙනාම තවදුරටත් සහයෝගයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව ඇති කරගත යුත්තේ තවදුරටත් අපි ඉවසිලිවන්තව මේ ප්‍රතිසංස්කරණයන් තුළ කටයුතු කළ යුතුයි.”

    ජනාධිපතිතුමා විසින් තමා වෙත පවරන ලද වගකීම, මහජන නියෝජිතයෙකු වශයෙන් පමණක් නොව ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ද මැනවින් ඉටු කරන ලද බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img