fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්MICE –EXPO 2023 ලබන 13 වැනිදා සිට

    MICE –EXPO 2023 ලබන 13 වැනිදා සිට

    ශ්‍රී ලංකාව සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, රැස්වීම් ඇතුළු ලෝකයේ ව්‍යාපාර අංගයන් සඳහා ප්‍රසිද්ධ ගමනාන්තයක් බවට පත්කිරීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඇති MICE (Meetings Incentives Conventions and Exhibitions) අංශය ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකා MICE Expo 2023 ප්‍රදර්ශනය සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.

    ඒ අනුව මෙම ප්‍රදර්ශනය 2023 මාර්තු මස 13 සිට මාර්තු මස 15 දක්වා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ දී පැවැත්වීමට නියමිතයි. දේශීය MICE සේවා සපයන්නන්ට ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ ජාත්‍යන්තර MICE ගැනුම්කරුවන් සමඟ ව්‍යාපාරික මාර්ග සාකච්ඡා කිරීමට අන්තර් ක්‍රියාකාරී වේදිකාවක් බවට මෙය පත්වනු ඇත.

    මැදපෙරදිග, යුරෝපය, දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාවේ ජාත්‍යන්තර MICE ගැනුම්කරුවන් 100 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ මණ්ඩලය විසින් ක්‍රමානුකූලව තෝරාගෙන මෙම අවස්ථාව සඳහා බඳවාගෙන ඇත. මේ සඳහා සහභාගී වන MICE ගැනුම්කරුවන් ප්‍රදර්ශනයේ කොටසක් ලෙස සංවිධානය කරනු ලබන කර්මාන්ත සංසද, අන්තර්ක්‍රියාකාරී තොරතුරු හුවමාරු සැසි සහ විශේෂ චාරිකා වලට සම්බන්ධ වේ. තවද ඔවුන්ට ශ්‍රී ලංකාවේ සුවිශේෂත්වය පිළිබඳ තොරතුරු ලබාදෙනු ඇත. ශ්‍රී ලංකාවේ විවිධ වූ සංචාරක ආකර්ෂණ ස්ථාන සහ විනෝදය සඳහා වඩාත් සුදුසු ස්ථාන පිළිබඳවත් MICE ගමනාන්තක් ලෙස දිවයිනේ වැදගත්කම පිළිබඳ ඔවුන්ට අවබෝධයක් ලබාදෙනු ඇත.
    මෙම ප්‍රදර්ශනය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා පැවසුවේ, ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකාවේ වසරේ විශාලතම MICE සංචාරක කර්මාන්තයේ ඉදිරියෙන් සිටීම පිළිබඳව ආඩම්බර වන බවයි. “ශ්‍රී ලංකා MICE Expo විසින් ස්ථානීය හවුල්කරුවන් සහ හෝටල් වැනි දේශීය සේවා සපයන්නන්ට විදේශීය ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙනවා. ඒ වගේම ජාත්‍යන්තර MICE ඉසව්වලට සත්කාරකත්වය සැපයීම සඳහා ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහතිකය ලබා දෙනු ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට ලබා ගත හැකි ව්‍යාපෘති සඳහා සිය උත්සාහයන් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර අවස්ථා විවේකය හෝ දෙකම අපේක්ෂා කරන සෑම ගෝලීය සංචාරකයෙකුම ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රීලංකන් කටයුතු සැමවිටම කරනවා. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ජාත්‍යන්තර MICE ගැනුම්කරුවන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ වෙළඳපොලේ සිටින සේවාදායකයින් වෙත ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකන් හි MICE කණ්ඩායම MICE Expo 2023 සංවිධානය කිරීමේ ප්‍රධාන කාර්යභාරය ඉටු කිරීමට අමතරව, ඒ සඳහා පැමිණෙන ගැනුම්කරුවන් සඳහා ශ්‍රී ලංකාව තුළ සංචාර සංවිධාන කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.