fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමෙරිකානු වාණිජ ඇමතිනිය චීන සංචාරයකට සැරසෙයි

    අමෙරිකානු වාණිජ ඇමතිනිය චීන සංචාරයකට සැරසෙයි

     
    තමා චීනයේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බව ඇමරිකානු වාණිජ අමාත්‍ය Gina Raimondo මහත්මිය පසුගිය දා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළාය.

    චීන වාණිජ අමාත්‍යාංශයේ නිලධාරීන් මේ පිළිබඳ අදහස් දක්වමින් 08 වැනිදා පැවසුවේ,  Raimondo අමාත්‍යවරියගේ චීන සංචාරය පිළිබඳ දැනුම්දීමක් චීනයට මෙතෙක් ලැබී නොමැති බවයි.

    කෙසේවෙතත්, දෙරටේ වාණිජ ආයතන සංවාද පැවැත්වීම ඉතා වැදගත් බව චීනයේ අදහස යි. අමාත්‍යවරියගේ චීන සංචාරය පිළිබඳව තම රට විවෘත ආකල්පයක පසුවන බව ද චීන වාණිජ අමාත්‍යාංශය කියාසිටී.

    සංවාද මගින් දෙපාර්ශ්වයේම පොදු අවධානයට ලක්වන ගැටළු නිරාකරණය කර  ප්‍රායෝගික සහයෝගිතා ප්‍රවර්ධනයට චීනය අඛණ්ඩව කැපවී සිටින බව ද අමාත්‍යංශ බලධාරීහු අවධාරණය කරති.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.