තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිද්දෙණිය ඕ.අයි.සී. රටින් පනී

    මිද්දෙණිය ඕ.අයි.සී. රටින් පනී

    මිද්දෙණිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසාද් චන්දන නිශාන්ත මහතාට එරෙහිව සේවය අතහැර යාමේ නියෝගයක් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් නිකුත්කර ඇත.

    වලස්මුල්ල මහාධිකරණයේ ම/උ/බී 72422/ 2022 නඩුවට අදාලව දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කිරීමට නීතිපති කාර්යාලයට පසුගිය ජනවාරි 22දා ගිය ප්‍රසාද් චන්දන නිශාන්ත මහතා එංගලන්තය බලා පිටිව යාම මුල්කරගෙන මෙසේ සේවය අතහැර යාමේ නියෝගය නිකුත්කර තිබේ.

    මෙම නිලධාරියා ජනවාරි 24 වෙනිදා නැවත සේවයට වාර්තා කළ යුතුව ඇතත් නොපැමිණීම හේතුවෙන් කළ සොයා බැලීමේදී හෙළිවන්නේ ඔහු 24 වෙනිදා සවස 3.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් රටින් පිටව ගොස් ඇති බවය. මේ බව ආගමන විගමන පාලකවරයා විසින් ද තහවුරුකර තිබේ.

    දෙදරු පියෙක් වන මෙම නිලධාරියා ගලහා ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙදරුපියෙක් වන මෙම නිලධාරියා එංගලන්තය බලා ගොස් ඇත්තේ කාන්තාවකගේ සහය ඇතිව බවද විමර්ශන වලින් හෙළිවී ඇත. මෙම නිලධාරියා තමා රටින් පිටව යන බව සිය බිරිඳට හෝ දරුවන්ට පවා පවසා නැති බව පොලීසිය කියයි. නිල ඇදුමින් පෙර දිනයේ නිවසට පැමිණි ඔහු දරුවන් සහ බිරිද සමඟ කථාබහක නිරතව සිට පමණක් ගොස් ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    ඒ අනුව මෙම ස්ථානාධිපතිවරයාට එරෙහිව සේවය අතහැර යාමේ නියෝගය නිකුත් කිරීමට පොලිස්පතිවරයා විසින් පියවරගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to RohithaCancel reply

    spot_img
    spot_img