fbpx
තවත්
    මුල් පිටුවspecialඇමරිකාව සමඟ වූ ගිවිසුමකින් රුසියාව ඉවත් වෙයි

    ඇමරිකාව සමඟ වූ ගිවිසුමකින් රුසියාව ඉවත් වෙයි

    රුසියාව ඇමරිකාව සමග පැවත්වූ න්‍යෂ්ටික අවි පාලනය ගිවිසුමෙන් ඉවත්වෙයි.

    රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති අවසන් න්‍යෂ්ටික පාලන ගිවිසුමෙන් ඉවත් වන බවට අද දින නිවේදනය කළේය.

    මොස්කව් නගරයේ පැවති දීර්ඝ කතාවක් අතරතුරදී රුසියානු නායකයා විසින් මෙතේ රුසියාව විසින් න්‍යෂ්ටික අවි පාලනය කිරීමටත් අවම කිරීමටත් එක්සත් ජනපදය සමඟ ඇති කරගෙන තිබූ ගිවිසුමට තවදුරටත් අනුගත නොවන බවට අවධාරණය කළේය.

    ඒ අනුව මෙතෙක් යුක්‍රේනය සම්බන්ධයෙන් තමන් ගන්නා ලද පියවර අඛණ්ඩව ගෙන යන බවද ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේදී දැඩි චකිතයක් ඇතිකරණ ස්වරූපයෙන් ප්‍රකාශ කරනු ලැබීය. ජනාධිපති පුටින් සිය කතාවේදී රුසියාව බටහිර බලවතුන්ගේ බලෑමට ලක්ව ඇති බවත් සත්‍ය වශයෙන්ම අගතියට පත්ව ඇත්තේ යුක්‍රේනය නොව රුසියාව බවද පෙන්වා දුන්නේය.

    මෙම කතාවේදී රුසියානු නායකයා ප්‍රකාශ කර සිටියේ, “අපි යුක්රේන ජනතාවට එරෙහිව සටන් කරන්නේ නැහැ. “යුක්රේන ජනතාව රට ඵලදායී ලෙස අත්පත් කරගෙන සිටින කියෙව් පාලනයේ සහ එහි බටහිර ස්වාමිවරුන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇත.” යනුවෙනි.

    ඒ අනුව රුසියාව විසින් අත්හරිනු ලබන ගිවිසුම 2010 වර්ෂයේදී අත්සන් කරන ලද්දක් වන අතර එහිදී දෙපාර්ශවය විසින්ම දිගුදුර ඉලක්ක සඳහා ප්‍රහාර එල්ල කළ හැකි න්‍යෂ්ටික යුද ශීර්ෂ සීමා කිරීමටත් න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි මිසයිල සීමට කිරීමටත් අපේකෂා කෙරිණි.

    කෙසේ වෙතත් ජනාධිපති පුටින්ගේ මෙම නව තීරණයත් සමඟ රුසියාව විිසින් නව න්‍යෂ්ටික අත්හදා බැලීම් කිරීමට අපෙක්ෂා කරන බවක් එත්තු ගැන්වෙන අතරම තම න්‍යෂ්ටික ශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කරන බවට පෙනීයයි.

    මෙම තත්ත්වය ගොලීය ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවට පත්ව ඇති අතර එහිදී රුසියාව පෙන්වා දෙන්නේ නේටෝ බලයට රුසියානු දොරකඩටම පැමිණ ඇති බවත් එය රුසියාවේ ස්වෛරීත්වයට දැඩි තර්ජනයක් බවත්ය. රුසියාවේ මෙම තර්ජකය සාර්ථක පිළිතුරක් දැක්වීමට තවමත් එක්සත් ජනපදය හෝ නේටෝව සමත් වී නොමැත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.