fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගොවිපොලකින් කුකුල්ලු 1200ක් උස්සපු කළමනාකරු අල්ලයි

    ගොවිපොලකින් කුකුල්ලු 1200ක් උස්සපු කළමනාකරු අල්ලයි

    බඩල්ගම පිහිටි ගොවිපොලකින් රුපියල් ලක්ෂ 16කට අධික වටිනාකමක් ඇති බොයිලර් කුකුලන් 1200ක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලීසිය මෙම සොරකම සම්බන්ධයෙන් එම ගොවිපොලේ කළමනාකරු සහ සහයකයාව අද (21) අත්අඩංගුවට ගෙන තිබේ.

    කළමනාකරු අනුරාධපුර ඉපලෝගම පදිංචි යුද හමුදාවෙන් විශ්‍රාමගොස් සිටින නිලධාරියෙක් බවත් ඔහුගේ සහයකයා නාවික හමුදාවෙන් විශ්‍රාමගොස් සිටින මහනුවර ජම්බුගස්පිටියේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය කියයි.

    මෙම ගොවිපොලේ කුකුලන් 40,000ක් පමණ සිටින බව පොලීසිය කියයි. කාලයක් තිස්සේ මෙම කළමනාකරු සහ ඔහුගේ සහයකයා කුකුලන් හොර රහසේ ගොවිපොලින් පන්නමින් වංචාවක නිරත සිට ඇති බව පොලීසිය කියයි. මෙම ගොවිපොලේ විශාල කුකුලන් ප්‍රමාණයක් සිටින බැවින් මේ ගැන කිසිදු සැකයක් කළමනාකාරීත්වයට ඇති වී නැත. එබැවින් ඔවුන් දෙදෙනාට වසර ගණනාවක් තිස්සේම මෙම වංචා සහගත ක්‍රියාවේ නිරත වීමට අවස්ථාව ලැබී තිබේ.

    මේ අතර ඉහළ කළමනාකාරීත්වයට මෙම වංචාව ගැන ගොවිපොලින් මසට කුකුලන් මිලදී ගන්නා ගැණුම්කරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව කළමනාකාරීත්වය අභ්‍යන්තර විගනනයක් ආරම්භකර තිබේ. එහිදී හෙළිවී ඇත්තේ පසුගිය 07 වෙනිදාත් 13 වෙනිදාත් අතර කාලය තුළ අවස්ථා දෙකකදී කුකුලන් 1200ක් ගොවිපොලින් පන්නා මොවුන් දෙදෙනා විසින් අලෙවිකර ඇති බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.