තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෙල්ලම් පිස්තෝලයක් අරන් ඊශ්‍රායල් යන්න හැදූ ගුවන් මගියෙක් අත්අඩංගුවට

    සෙල්ලම් පිස්තෝලයක් අරන් ඊශ්‍රායල් යන්න හැදූ ගුවන් මගියෙක් අත්අඩංගුවට

    රිවෝල්වරයකට සමාන සෙල්ලම් පිස්තොල්යක් රැගෙන ඊශ්‍රායලය බලා යාමට පැමිණි ගුවන් මගියෙකුව කටුනායක ගුවන්තොටුපොල ආරක්ෂක අංශ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    ගම්පොල, කීරපන, හපුගස්පිටිය පරේ පදිංචිකරුවෙක් වන ඔහු 49 හැවිරිදි වියේ පසුවූ මෙම ගුවන් මගියාව වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොල පොලිස් ස්ථානයට භාරදී තිබේ.

    මෙම පිස්තෝලය සැබෑ අවියකට බොහෝ සෙයින් හැම අතින්ම සමාන බව පොලීසිය කියයි. මෙම අවිය හමුවී ඇත්තේ ගුවන්තොටුපොල ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මෙම මගියාගේ ගමන් මුළු පරීක්ෂා කිරීමේදීය.

    මේ ගැන පොලීසිය මෙම ගුවන් මගියාගෙන් ප්‍රශ්න කරන විට පවසා ඇත්තේ ගම්පොල නිවසේ තිබුණු මෙම සෙල්ලම් පිස්තෝලය ආශාවට රැගෙන යාමට බෑගයට දමාගත් බවය.

    රාජ්‍ය සේවකයෙක් වන මෙම ගුවන් මගියා වැටුප් රහිත නිවාඩු ලැබ ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිටින අයෙකි. වසර හතරකට වැඩි කාලයක් ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිට පැමිණ ඇති ඔහු නැවත රැකියාව සඳහා ඊශ්‍රායලය බලා යාමට සූදානමින් ගුවන්තොටුපොලට ගිය අවස්ථාවේදි මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

    මෙම අවියත් සමඟ ගුවන් මගියාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට පියවර ගත් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img