ලෝක බැංකුවේ ලංකා ශාඛාවේ ආර්ථික විද්‍යාඥ තෝමස් ඩැනියෙල් ලෙව්ට්ස් මහතා පදිංචිව සිටින අකුරේගොඩ පිහිටි නිවසේ සිදුව ඇති රුපියල් ලක්ෂ 32කට ආසන්න වටිනාකමක් ඇති මුදල් හා රන් භාණ්ඩ සොරාගැනීමක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශනයක් ආරම්භකර ඇත.
මෙම ආර්ථික විද්‍යාඥයා ඩෙන්මාර්ක් ජාතිකයෙක් බව තලංගම පොලිසිය සඳහන් කළේය.
මෙම සොරකම ගැන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඊයේ (23)ය.
සොරකම සිදුව ඇතැයි පැවසෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් 03 වෙනිදාත් මෙම වසරේ අප්‍රේල් 12 වෙනිදාත් අතර බව පැමිණිල්ලෙන් කියැවෙන බව පොලිසිය සඳහන් කරයි.
නිවසේ මෙහෙකාරිය විසින් මෙම මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන ඇති බව නිවැසියන් සැකකරයි.
සේප්පුවේ තිබූ රුපියල් 97,000ක ශ්‍රී ලංකා මුදල්, අමෙරිකානු ඩොලර් 6000ක් රන් මාල 02ක්, පෙන්ඩන් 03ක් සහ මුදු 03ක් සොරාගෙන ඇති බව පොලිසියට ලැබී ඇති පැමිණිල්ලෙහි සඳහන්ය.