fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්35 වසකට පසුව රාජ්‍ය ලාංඡනය ඇතු පිටින් පෙරහැරේ යයි (live)

    35 වසකට පසුව රාජ්‍ය ලාංඡනය ඇතු පිටින් පෙරහැරේ යයි (live)

    වසර 35 කට පසුව රාජ්‍ය ලාංඡනය රැගත් ජනරජ පෙරහැර අද පස්වරු 6.30න් ඇරඹි සුබ නැතකින් ශ්‍රී දළදා මාළිගාවේ සිට මහනුවර වීථි සංචාරය ඇරඹීය.

    75 වන නිදහස් දින සැමරුමට සමඟාමීව මෙම ජනරජය පෙරහැර‍ෙ මෙවර පවත්වනු ලබන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ විශේෂ ඉල්ලීම මත ය.

    දළදා කරඩුව වෙනුවට ජනරජ ලාංඡනය රැගෙන යාම සහ රටේ සුවිශේෂි සිදුවීමක් වන අවස්ථාවකදී රාජ්‍ය නායකයාගේ ඉල්ලීම මත දළදා පෙරහැරට අමතරව පවත්වන විශේෂ පෙරහැරක් ලෙස පැවැත්වීම මෙහි විශේෂත්වයයි.

    මෙම පෙරහැරේ සුවිශේෂීතම අංගය වන ජනරජ ලාංඡනය රැගෙන යාමට මෙවර භාග්‍යවන්ත වී ඇත්තේ කැළණිය රාජමහා විහාරයට අයත් කණ්ඩුල ඇත් රාජයායි.

    දෑල හස්තීන් ලෙස රත්නසිරි අරංගල්ල මහතාට අයත් ගැමුණු හස්තියාත් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට අයත් කණ්ඩුල හස්තියාත් ගමන් කරති.

    ශ්‍රී ලංකාවේ මේ දක්වා ජනරජ පෙරහැර 4ක් පවත්වා තිබේ.

    වේල්ස්යේ ආදිපාද එඩ්වඩ් කුමරු ලංකාවට පැමිණීම සනිටුහන් කරමින් 1875 වසරේදී පළමු ජනරජ පෙරහැරත්, 1954 දී දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ සපැමිණීම වෙනුවෙන් දෙවන ජනරජ පෙරහැරත් වික්ටෝරියා ජලාශ්‍රය විවෘත කිරීම සඳහා දෙවැනි එළිසබෙත් මහ රැජින දෙවන වරටත් ලංකාවට පැමිණීමේ අවස්ථාව සනිටුහන් කරමින් 1981 දී තුන්වන ජනරජ පෙරහැරත්, 1987 දෙසැම්බර් 31 දින සිව්වන ජනරජ පෙරහර පවත්වා ඇත්තේ මහනුවර දළදා මාලිගාවේ රන් වියන විවෘත කිරීම වෙනුවෙනි.

    ජනරජ පෙරහහරේ සජීවී විකාශය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.