fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කිරින්ද OIC පැදවූ ජිප් රියට යතුරුපැදිකරුවෙක් යටවෙයි - ගොඩින් වැඩේ බේරගන්න පොලීසිය...

    කිරින්ද OIC පැදවූ ජිප් රියට යතුරුපැදිකරුවෙක් යටවෙයි – ගොඩින් වැඩේ බේරගන්න පොලීසිය වැඩ

    කිරින්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.එල්. ජනකප්‍රිය මහතා විසින් පදවාගෙන ගිය පොලිස් ජිප් රථය යතුරුපැදියක ගැටී යතුරුපැදිකරුවෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා (18) රාත්‍රී කාලයේදීය.

    කිරින්ද පොලිස් ස්ථානයට අයත් WP KN 8653 අංකය දරණ ස්කූපියෝ ජිප් රථය මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කිරින්ද තිස්සමහාරාමට මාර්ගයේ කාසින්ගම ප්‍රදේශයේදීය. මෙම අනතුර සිදුවන විට ජිප් රථය පදවා ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරයාය. එහි තවත් කිහිප දෙනෙකුට සිට ඇති බව තුවාල ලැබූ තරුණයා පවසා තිබේ.

    පොලිස් ස්ථානාධිපතිවරයා පැදවූ ජිප් රථය ගැටී ඇත්තේ SP WP 9198 අංකය දරණ යතුරුපැදියේය. මෙම අනතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ වරදින් සිදුව ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබෙන බව උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලබා හම්බන්තොට රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන්නේ ඩබ්ලිව්.ජී. චාමර නැමැති 26 හැවිරිදි තරුණයෙකි.

    මෙම අනතුරත් සමඟ කිරින්ද පොලිස් ස්ථානාධිපතිවරයා පපුවේ අමාරුවක් සෑදීම හේතුවෙන් දෙබරවැව රෝහලට ඇතුලත් වී ඇත.

    මෙම අනතුරින් පොලිස් ජිප් රථයට හානි සිදුව ඇති බවත් මෙම අනතුර ගොඩින් විසදා ගැනීමේ සූදානමක් ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

    තුවාල ලැබූ පාර්ශවය චෝදනා කරන්නේ පොලීසිය මෙම අනතුර ගැන පැමිණිල්ල පවා පොත්වල නොලියන්නට මුලින් මැලිකමක් දක්වමින් සිටි බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.