fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ රස්නෙට කාසල්රි-මාවුස්සාකැලේ ජලාශවල අඩි 50ක් පමණ වතුර අඩුවෙලා

    මේ රස්නෙට කාසල්රි-මාවුස්සාකැලේ ජලාශවල අඩි 50ක් පමණ වතුර අඩුවෙලා

    මේ දිනවල මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරු පවසති.

    පවතින අධික වියළි කාලගුණයත් සමඟ අද කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44කින් පහළ බැස ඇති අතර, මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49කින් පහළ බැස ඇති බව ඉංජිනේරුවරු කියා සිටියහ.

    ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදිකිරිමේදී ජලයට යට වූ පැරණි මස්කෙලිය නගරයේ පන්සල, හින්දු කොවිල ඇතුළු නටබුන් රැසක් යලි මතුවී ඇති බව පැවසෙයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.