තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දෙ කල්යාමෙන් රාජ්‍ය සේවකයින් 3000කට මාස තුනක් පඩිත් නෑ.. ජොබ් එකත් නෑ

    ඡන්දෙ කල්යාමෙන් රාජ්‍ය සේවකයින් 3000කට මාස තුනක් පඩිත් නෑ.. ජොබ් එකත් නෑ

    වැටුප් රහිත නිවාඩු ලබා පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට මැතිවරණය කල් යාම නිසා මාස තුනක් යන තුරු රැකියාව අහිමි වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛයක සඳහන් වේ.

    මැතිවරණය කල් ගියහොත් නාම යෝජනා භාර දුන් දිනයේ සිට මාස තුනක් ගත වන තෙක් එම අපේක්ෂකයා වැටුප් රහිත නිවාඩු ලබා සිටිය යුතු බව ද එහි සඳහන් වේ.

    නාම යෝජනා භාරදී මාස තුනක් ගතවූ පසුව රජයේ සේවකයින්ට නැවත තමන් හිටපු සේවා ස්ථානයට වාර්තා කළ හැකි බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

    මෙවර පළාත් පාලන මැතිවරණයට රජයේ සේවකයන් 3000කට ආසන්න පිරිසක් තරග කිරීමට වැටුප් රහිත නිවාඩු ලබා සිටින බවද වාර්තා වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img