fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රතු සහෝදරවරු වගේ සජිත්, රාජපක්ෂලාට කඩේ ගියෙත් නෑ යන්නෙත් නෑ" - විපක්ෂ...

    “රතු සහෝදරවරු වගේ සජිත්, රාජපක්ෂලාට කඩේ ගියෙත් නෑ යන්නෙත් නෑ” – විපක්ෂ නායක

    ආණ්ඩුවට සතුටු වෙන්න ඕන තරම් මුදල් තිබුණත් ඡන්දයට වියදම් කරන්න මුදල් නොමැති යැයි කීම විහිළුවට කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතතතා පවසයි.

    එබැවින් මැතිවරණය නොපැවැත්වුවහොත් ප්‍රජාතන්ත්‍රීය සාමකාමී අරගලයක් හරහා මැතිවරණය කෙසේ හෝ ලබා ගන්නා බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

    අරගලයෙන් රාජපක්ෂවරු එලවා දැමුවත් මේ වන විට ක්‍රියාත්මක රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වන ඡන්ද බලය පවා විවිධ කුමන්ත්‍රණ හරහා අහෝසි කර ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

    රට මෙවැනි ආගාධයකට ඇඳ දැමුවේ රාජපක්ෂ පවුල් වාදය බවත් ඒ සඳහා 2005 වසරේ රාජපක්ෂලාට සහාය වී ගෙන් ගෙට ගොස් මැතිවරණ ව්‍යාපාරය සිදු කළේ මේ වන විට රටට විසඳුම යැයි කියා ගන්නා රතු සහෝදරවරු බවත් හෙතෙම කියාසිටී.

    රට විනාශ කළ රාජපක්ෂලාට ඔවුන් ඔටුනු පැළැන්දුව ද කිසිදු දිනක සජිත් ප්‍රේමදාස වන තමා රාජපක්ෂලාව බලයට ගෙන ඒමට කටයුතු නොකළ බවත් තමා සෑම විටම සිටින්නේ පොදු ජනතාව සමඟ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (18) දෙහිඕවිට දී පැවැති ජනරැළියකට එක් වූ අවස්ථාවේ දීය.

    එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ඉදිරි මැතිවරණයන්හි ජයග්‍රහණයත් සමඟ අපේ රටෙන් හොරා කන ලද සියලු දේපල, ධනය සහ මුදල් නැවත රට තුළට ගෙනවිත් හොරු අල්ලා යහපත් විනිවිධභාවයෙන් යුත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.