fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු අමාත්‍ය බන්දුල බස්නායක දිවිසැරිය නිමකරයි

    හිටපු අමාත්‍ය බන්දුල බස්නායක දිවිසැරිය නිමකරයි

    හිටපු ක්‍රීඩා අමාත්‍ය බන්දුල බස්නායක මහතා කළක පටන් පසුවූ රෝගී තත්වයක් නිසා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත විය.

    1947 ජනවාරි 20 වෙනිදා උපත ලබා ඇති බස්නායක මුදියන්සේලාගේ බන්දුල බස්නායක මහතා සිය දිවිසැරිය නිමාකරන විට 76 වෙනි වියෙහි පසුවිය.

    අසූව දශකයේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි බන්දුල බස්නායක මහතා 1994-2000 අතර කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ ඒ මහතා 2004- 2010 අතර කාලයේ පරිසර සහ ස්වභාවික සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ලෙසින්ද , වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ලෙසින්ද, සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන ප්‍රවර්ධන විෂය භාර කැබිනට් නොවන අමාත්‍ය ලෙසින්ද, කැබිනට් නොවන ක්‍රීඩා අමාත්‍ය ලෙසින්ද කටයුතු කරනු ලැබීය.

    හොකී, වොලිබෝල් , මලල ක්‍රීඩා සහ ජිම්නාස්ටික් ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ජාතික ක්‍රීඩකයෙකු වූ ඒ මහතා දේශපාලනයට පැමිණීමට ප්‍රථම වෘත්තියෙන් ගුරු පුහුණු උපදේශකවරයෙකු විය.

    ප්‍රභා කුමාරී මහත්මිය සමගින් යුගදිවියට එළඹි බන්දුල බස්නායක මහතා දිල්ෂාන් තාරනාත් බස්නායක , අචල විශ්වනාත් බස්නායක සහ ඉන්දීවරී බස්නායක යන පුතුන් දෙදෙනෙකු හා දියණියකගේ සදාදරණීය පියාණන් විය. බන්දුල බස්නායක මහතා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාගේ මාමණ්ඩියද වෙයි.

    බන්දුල බස්නායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන පෙබරවාරි 19 වෙනි ඉරිදා ගල්ගමුව ඇහැටුවැවදී සිදුකෙරෙයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.