fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන ආනයන තහනම තවත් ඇදගෙන යන්නේ නෑ

    වාහන ආනයන තහනම තවත් ඇදගෙන යන්නේ නෑ

    ඉදිරියේදී රටේ අවශ්‍යතාවය පරිදි වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    වාහන ආනයනය තවදුරටත් වසා තබාගෙන සිටීමට රජය සූදානම් නොමැති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

    පසුගිය සමයේ දී ඩොලර් හිඟයක් පැවතීම හේතුවෙන් ආනයනයන් 2000ක් නවත්වන්නට සිදු වූ අතර මේවන විට අනිත් සියල්ලම විවෘත කර තිබෙන බවත් ඉතිරිව ඇත්තේ වාහන ආනයනයට අවසර දීම පමණක් බව ඔහු සඳහන් කළේය.

    මේ වනවිට මෙරට සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලයන 5.5ක ප්‍රමාණයක් ඇති බවද ඔහුමුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.