තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝකයම හොල්ලපු රුසියාවේ අධිවේගී මිසයිලය ගැන රහස් පිටකළ විද්‍යාඥයෙක් හිරේට

    ලෝකයම හොල්ලපු රුසියාවේ අධිවේගී මිසයිලය ගැන රහස් පිටකළ විද්‍යාඥයෙක් හිරේට

    රුසියානු යුද තාක්ෂණය තුල පෙරලියක් සිදු කිරීමට සමත් ශබ්දය වේගය අභිබවමින් ඉල්ලක්කය කරා ගමන් කළ හැකි මිසයිල නිපදවීමට දායක වූ විද්‍යාඥයකු හට රාජ්‍ය රහස් පිට කිරීමේ චෝදනා යටතේ වසර 14ක සිර දඬුවමක් හිමිව තිබේ.

    මෙලෙස සිර දඬුවම් නියම වූයේ රුසියානු භෞතික විද්‍යාඥ ඇනටෝලි මැස්ලොව් හටයි. ඔහු මේවන විට 77 හැවරිදි වියේ පසුවන අතර ඔහු සිය පර්යෝෂණ වලට අදාල දත්ත ජර්මනියට ලබාදීමට පියවර ගෙන ඇති බවට රුසියානු ආරක්ෂක අංශ මගින් චෝදනා ගොනු කර තිබිණි.

    මැස්ලෝව් සහ තවත් විද්‍යාඥයින් කිහිප දෙනෙකු විසින් මෙම අධිවේගී මිසයිල නිපදවීමට අදාළ ක්ෂේත්‍රවල න්‍යායාත්මක කටයුතු සිදු කර ඇත. මෙම මිසයිල හට ගුවන් ආරක්ෂක පද්ධති මඟහරිමින් ශබ්දයේ වේගය මෙන් 10 ගුණයක් දක්වා බර පැටවීම් රැගෙන යා හැකි අති නවීන තාක්ෂණයකින් සමන්විතය.

    ඒ් අනුව මෙම මිසයිල ඇමරිකා ඒක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්ගේ දැඩි අවදානය දිනා ගැනීමට සමත් වූ අතර දැනට පවතින නවීනතම මියසිල ආරක්ෂණ පද්ධති පවා මගහැර යාමට මෙම මිසයිල වලට හැකියාව පවතී.

    මැස්ලෝව්ට අතිරේකව තවත් විද්‍යාඥයින් කීපදෙනකු හටම රුසියානු රාජ්‍යට ද්‍රෝහි වූ බවට චෝදනා එල්ල වී ඇති බවටද වාර්තාවේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img